ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට විරෝධතාවයක් සහ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව පාසල් ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමය සදහන් කලේ පසු ගිය කොවිඩ් සමයේ තමන්ට ලබා දෙන බවට පැවසූ ගුරු පත්වීම් මෙතෙක් ලබා දී නොමැති බවයි.
තම සාධාරණ ඉල්ලීම් ඉටු කරන ලෙස රජයට බල කරමින් හෙට දිවයින පුරා පාසල් සංවර්ධන නිලධාරීන් 16,000 කට අධික පිරිසක් සමජ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට පැමිණ විරෝදය දැක්වීමටයි එම සංගමය තීරණය කර ඇත්තේ.














