ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසට සිදු වූ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් ඉරානයේ හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් ඇමරිකාවට චෝදනා එල්ල කර තිබෙනවා.
ඔහු පවසන්නේ ඇමරිකාව ඉරානයට පැන වූ සම්බාධක හේතුවෙන් විදෙස් රටවලින් නවීන ගුවන්යානා සහ ගුවන්යානා කොටස් මිලදී ගැනීමට ඉරානයට නොහැකි වූ බවයි.