ඉරානයේ සියලුම ගොඩබිම් දේශසීමා හරස් මාර්ග විවෘත කිරීමට එරට රජය තීරණය කර තිබෙන අතර, ඒ අනුව ඉරානයේ ජීවත් වන විදේශිකයන්ට රටෙන් පිටව යාමේ හැකියාව පවතිනවා.
රටේ සියලුම දේශසීමා මගීන්ට සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා විවෘතව පවතින අතර ගුවන් සේවා තවදුරටත් සිදුවන්නේ නැහැ.
ඉරාන රජය පවසන්නේ පකිස්ථාන, චීන සහ දකුණු කොරියානු ජාතිකයන් ඇතුළු විදේශිකයන් ගොඩබිම් මාර්ග භාවිතා කරමින් මේ වනවිටත් රටින් පිටත් වීමට කටයුතු කරමින් සිටින බවයි.
මේ අතර ඉරානයෙන් සිය පුරවැසියන් ඉවත් කිරීම ආරම්භ කර ඇති බව චීනය පවසනවා.
ඒ අනුව පළමු චීන ජාතිකයන් කණ්ඩායම ඊයේ දිනයේ ටෙහෙරානයේ සිට ගොඩබිම් මාර්ගයෙන් ටර්ක්මෙනිස්තානයට පිටත් වූ බවයි වාර්තා වන්නේ.