
අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම් කාලගුණයත් සමඟ විදුලිය සඳහා ඇති ඉල්ලුම මේ දිනවල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව විදුලි උත්පාදනය සහ ඉල්ලුම අතර මෙගාවොට් දහස් ගණනක වෙනසක් ඇති බැවින් එරට විදුලි පද්ධතිය දැඩි අර්බුදයකට ඇද වැටි තිබෙනවා. අගනුවර වන ටෙහෙරානය ඇතුළු ප්‍රදේශ කිහිපයක දැනටමත් සැලසුමකට අනුව විදුලි විසංධි කිරීම් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කර්මාන්තශාලා සඳහා සතියකට දින දෙකක් විදුලිය සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී ප්‍රකාශ කළේ, ඉරානය, අමෙරිකාව සමඟ නැවත සාකච්ඡා මේසයට පැමිණීමට අපොහොසත් වුවහොත්, ඉදිරි දිනවලදී එරට විදුලි බලාගාර සහ ප්‍රධාන පාලම් අමෙරිකානු හමුදා ප්‍රහාරවල ඉලක්ක බවට පත්විය හැකි බවයි.














