
ඉරානය සමඟ පවතින ගැටුම අවසන් කිරීම සඳහා නැවතත් දැවැන්ත ප්‍රහාර මාලාවක් ආරම්භ කිරීම පිළිබඳව තමා තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. විදෙස් පුවත් සේවයක් වෙත අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් මේ බව පවසා තිබුනා . මේ අතර, ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නීති විරෝධී ලෙස ගමන් කිරීමට උත්සාහ කළ ටෝගෝ රාජ්‍යයේ කොඩිය රැගත් තෙල් නෞකාවකට තමන් ප්‍රහාර එල්ල කළ බවයි. මෙම ප්‍රහාරයෙන් පසු නෞකාවේ ගිනිගැනීමක් හටගෙන ඇති අතර එහි ගමන නතර වී ඇති බවද ඉරාන මාධ්‍ය වාර්තා කළා.














