පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී නීති විරෝධී ලෙස රාජ්‍ය ත්‍යාග ළඟ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්ව තිබෙනවා.
ඒ අනුව පකිස්ථාන අධිකරණය ඔවුන් දෙපළට වසර 17 ක සිර දඬුවමක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
2021 රාජ්‍ය සංචාරයකදී සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් විසින් බිබීට සුඛෝපභෝගී ආභරණ කට්ටලයක් ලබා දී තිබෙනවා.
ඒ අනුව ත්‍යාග සම්බන්ධයෙන් පකිස්තානයේ නීති කඩ කිරීම හේතුවෙන් ඔවුන් මෙලෙස වරදකරුවන් බවට පත් වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම යුවළ දැනටමත් පෙර වැරදි සඳහා සිර දඬුවම් විඳිමින් සිටින අතර, සාපරාධී විශ්වාසය කඩ කිරීම සඳහා වසර 10 ක් සහ සාපරාධී විෂමාචාරය සඳහා වසර හතක් සහ දඩයක් නියමව සිටිනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නව සිර දඩුවම එම දඩුවම් වලට සමගාවීව සිදු වන බවයි.
රාජ්‍ය රහස් හෙළිදරව් කිරීමේ සිට රාජ්‍ය තෑගි විකිණීම දක්වා නඩු 100කට අධික සංඛ්‍යාවකට ඉම්රාන් ඛාන්ට චෝදනා එල්ල වී තිබෙන විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනවා.
උණුසුම් පුවත්
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට













