ඉන්ධන හිගය නැති කිරීම සදහා ආණ්ඩුව අනුගමනය කල ක්‍රියා පිළිවෙතම විදුලිය සදහා ද ක්‍රියාත්මක කිරීමට සුදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා .
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේ කැලණිය වනවාසල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් .
එහිදී ඔහු ප්‍රකාශ කලේ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බදු ප්‍රතිපත්තිය ජනතාවගේ ජිවිත වලට සෘජුවම බලපානු ඇති බවයි .