ඉන්ධන මිල සූත්‍රය අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සැප්තැම්බර් මාසයට අදාලව ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.
ඒ අනුව, රුපියල් 305ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල පහල ගොස් ඇත්තේ රුපියල් 06කින්.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 299ක්.
රුපියල් 341ක්ව පැවති, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල පවතින මිල ගණන් යටතේම ක්‍රියාත්මකව ඇත්තේ එහි මිල සංශෝධනය නොකිරීම හේතුවෙන් .
රුපියල් 289ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 283ක් වනවා.
රුපියල් 325ක්ව පැවති, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 313ක් ලෙසයි දැක්වෙන්නේ.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 185ක් ලෙසම දැක්වෙනවා.
එමෙන්ම, ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ද සිපෙට්කෝ මිල හා සමානව සංශෝධනය කර ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.