කිව්.ආර්. කේතය යටතේ ලබාදෙන ඉන්ධන කෝටාව අද(21) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෝටර් රථයක් සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට 25 දක්වා ඉහළ දැමෙනු ඇති.
ත්‍රීරෝද රථයක් සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණයද ලීටර් 15 සිට 20 දක්වා ඉහළ දැමෙනවා.
මින් පෙර වෑන් රථයක් සඳහා ලබාදුන් ලීටර් 40ක දීමනා වැඩි වන්නේ ලීටර් 50ක් දක්වායි.
යතුරු පැදි සඳහා ලබාදුන් ලීටර් 5 කෝටාව ලීටර් 8ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
ඉඩම් වාහන සඳහා මින් පෙර ලීටර් 25ක් ලබාදුන් අතර එය ලිටර් 40ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
බස් රථ සඳහා මෙතෙක් ලීටර් 60ක්ව පැවැති කෝටාව වැඩි වන්නේ ලීටර් 100ක් දක්වායි.
කෙසේ වෙතත් ලොරි රථ සඳහා සහ විශේෂ කාර්ය වාහන සඳහා ලබාදුන් ඉන්ධන කෝටාවන්හි වෙනසක් සිදු කර නැහැ.













