ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, 8 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීවයි.
සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ එහිදී දෙරට අතර සහයෝගීතාව සමාලෝචනය කළ බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා කැපවී කටයුතු කරන බව ද ඔහු එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.