ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට වැස්සෙන් බාධා එල්ල වී තිබෙනවා.
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද(30) පස්වරු 3ට ආරම්භ කෙරුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පලමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම වැස්ස හේතුවෙන් තර්ගය නතර කරන විට පන්දුවාර 10ක් අවසන් වී කඩුලු එකක් දැවී ලකුණු 43ක් ලබාගැනීමට සමත්ව සිටිනවා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී නොදැවී පන්දුවට පහරදෙන ප්‍රටිකා රාවල් ලකුණු 18ක්ද හර්ලීන් ඩියොල් ලකුණු 15ක්ද ලබා සිටිනවා.
දැවී ගිය ක්‍රීඩිකාව වන්නේ ලකුණු 8ක් ලබා සිටි ස්ම්රිටි මන්ධනායි.
පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධනී ලකුණු 20කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූවා.
තරගය ඉන්දියාවේ ගුවහාටි ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙසින් ක්‍රියාත්මකයි.