ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගියදා ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඒ, වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින්. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය ආචාර්්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කර තිබුණා.
පෙත්සම්කරු කියා සිටියේ ඉකුත් දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම ජාත්‍යන්තර නීතියට ද පටහැනි බවයි.