ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ඉන්දියාව අතර ඊයේ(14) පැවැති තරගයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 127ක් ලබාගැනීමට සමත් වූවා.
පන්දුවට පහරදීමේදී පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට සමත් වූවේ සහිබ්සාඩා රහ්මන්ය.
ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 40ක්.
මේ අතර සහීන් ෂා අෆ්රිඩි නොදැවී ලකුණු 33ක් ලබාගැනීමට සමත් වූවා.
ෆකර් සමාන් ලකුණු 17ක් ලබාගැනීමට සමත් වූවා.
සෙසු කිසිදු ක්‍රීඩකයෙන් ලකුණු 15 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.
පන්දු යැවීමේදී ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ කුල්දීප් යාදෙව් කඩුලු තුනක්ද ජස්ප්‍රිට් බුම්රා සහ ඒසර් පටෙල් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.
හර්ද්‍රික් පාන්ඩ්යා සහ වරුන් චක්‍රවර්ති එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
ලකුණු 128ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඉන්දීය පිතිකරුවන් සිය ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 15.5කදී පසු කිරීමට සමත් වූවා.
එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සූර්යකුමාර් යාදෙව් නොදැවී ලකුණු 47ක්ද අභිෂේක් ෂර්මා සහ ටිලක් වර්මා ලකුණු 31 බැගින්ද ලබාගැනීමට සමත් වූවා.
සුබ්මන් ගිල් ලකුණු 10ක් ලබාගත් අතර ශිවම් ඩුබේ නොදැවී ලකුණු 10ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සයිම් අයුබ් කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූවා.
තරගයේ වීරයා ලෙස කුල්දීප් යාදෙව් නම් කෙරුණා.