ඉන්දු – පාකිස්තාන ගැටුම්වලින් දෙපාර්ශවයටම හානි සිදුවී තිබෙනවා.
පාකිස්තාන ප්‍රහාරවලින් දසදෙනෙකු මිය ගොස් තිස්දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දියාව පවසද්දි පාකිස්තානය පවසන්නේ ඉන්දීය ප්‍රහාරවලින් 26 දෙනෙකු මිය ගොස් 46 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
අද උදෑසන ඉන්දියාව, පාකිස්තානයට සහ පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මිරයේ ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා.
මෙය පාකිස්තානයේ ස්වෛරීභාවය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බවට එරට විදේශ අමාත්‍යාංශය චෝදනා කරනවා.
එසේම මෙය කලාපයේ සාමය සහ ස්ථාවරත්වයට බරපතළ තර්ජනයක් ඇති කරන බව ද පාකිස්තාන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සදහන්.
මෙම ප්‍රහාරත් සමග ඉන්දියාවේ කොටස් වෙළදපොළ පහත වැටී තිබෙනවා.