ඉන්දු – ඉතාලි රාජ්‍ය නායකයෝ දකුණු අප්‍රිකාවේදී හමු වුණා.
ත්‍රස්තවාදී වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ඉතාලිය සිය දැඩි කැපවීම නැවත අවධාරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර පැවැති ජී 20 සමුළුවට සමගාමීව පැවැති අතර හමුවේදී ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි මේ බව අවධාරණය කර ඇති බවයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග පැවති එම හමුවේ දී ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි දිල්ලි ත්‍රස්තවාදී සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම සඳහා ඉන්දියාව සමග සහයෝගීතාවය ප්‍රකාශ කර තිබෙනවා.
මේ සඳහා අගමැතිවරුන් දෙදෙනාම ‘ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා ඉන්දියා – ඉතාලි ඒකාබද්ධ මුලපිරීම’ සම්මත කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.













