ඉන්දියා – ඇමෙරිකා අන්තර්වාර වෙළඳ ගිවිසුම ජූලි 08 වැනිදා වන විට ප්‍රකාශයට පත් කිරීමේ සූදානමක් පිළිබඳ ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඊට අදාළ සියලු කොන්දේසි සඳහා දෙපාර්ශ්වයම එකඟ වී ඇති බව ආරංචි මාර්ග පවසන බවයි. අමෙරිකාව සමග සාකච්ඡා සඳහා ඉන්දීය වාණිජ දෙපාර්තමේන්තුවේ විශේෂ ලේකම් රාජේෂ් අග්‍රවාල්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායමක් සාකච්ඡා අවසන් කිරීම සඳහා වොෂින්ටනයට ගොස් ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්. ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ලොව පුරා රටවල් සඳහා අන්‍යෝන්‍ය තීරු බදු පැනවීම සඳහා ලබා දී ඇති සහන කාල දිනය ජූලි 09 වැනිදා අවසන් වන බැවින් මෙම ගනුදෙනුව ඊට පෙර අවසන් කෙරෙනු ඇති බවයි සඳහන් වන්නේ. මේ අනුව මෙම වසරේ ඔක්තෝම්බර් මාසය වන විට ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක බහු – ආංශික, විස්තීර්ණ පළමු වාරිකයක් සඳහා දෙපාර්ශවයම කටයුතු කරමින් සිටින බවද සඳහන්. ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර වෙළෙඳ ගනුදෙනුව මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ කෘෂිකර්මාන්තය, මෝටර් රථ, කාර්මික භාණ්ඩ සහ ශ්‍රම – අධික නිෂ්පාදන වැනි ප්‍රධාන අංශ කෙරෙහි බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
උණුසුම් පුවත්
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
- නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
- යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි













