ඉන්දුනීසියාවට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට උතුරු සුමාත්‍රා පළාතේ 8,000 ක පමණ පිරිසක් මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙන බව ඉන්දුනීසියානු බලධාරීන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උතුරු සුමාත්‍රා, අචේ සහ බටහිර සුමාත්‍රා යන පළාත්වලට ඇදැහෙලමින් පවතින ධාරාණිපාත වර්ෂාවත් සමග දැඩි ගංවතුර තත්වයක් සහ නාය යෑම් කිහිපයක් ද වාර්තා වන බවයි වාර්තා වන්නේ.
පුද්ගලයින් 52 දෙදෙනෙකු අතුරුදන්ව සිටින බව එම වාර්තාවල සඳහන්.
මාර්ග රැසක් ජලයෙන් යටව පවතින බැවින්, ගමනා ගමනයට ද දැඩි බාධා එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ.
සන්නිවේදන සබඳතා මුළුමණින්ම අඩාලව පවතින අතර එරට අවදානම් සහිත ප්‍රදේශවලින් ජනතාව කඩිනමින් ඉවත් කිරීමට, බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් සඳහන් වන්නේ.
ආපදාවට පත් වැසියන් සඳහා ආධාර ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව, එරට ආපදා අවම කිරීමේ ඒජන්සිය සඳහන් කර තිබෙනවා.













