ඉන්දුනීසියාවේ, ලෙවෝටෝබිහි ලකී – ලකී ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා. ගිනිකන්ද විදාරණය විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ පසුබිමකයි එය සක්‍රීය වී ඇත්තේ. කෙසේ වෙතත් ඉන් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. සංචාරක දූපතක් වන ෆ්ලෝරස්ට් හී පිහිටා ඇති මෙම ගිනි කන්දේ ආවාටයේ සිට කිලෝමීටර් හතක අරයක් තුළ වාසය කරන පිරිස් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර කිලෝමීටර එකොළහක් දුරට අහස අළු වළාකුළු වලින් වැසී ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. මීට පෙර පසුගිය නොවැම්බර් මාසයේදී මෙම ගිනි කන්ද විදාරණය වූ අතර එහිදී පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් තිබුණා. එහිදී දහස් ගණනක් ප්‍රදේශය අතහැර ගොස් තිබූ අතර ගුවන් ගමන් රැසක්ද අවලංගු කෙරුණා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














