ඉන්දීය ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින් සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කර තිබෙන්නේ ගුවන් අනතුර සම්බන්ධයෙන් තමන් බොහෝ කම්පනයට පත් වූ බවයි.
ගුවන් යානයේ ගමන් ගත් සියලු දෙනාගේ මරණය සහ ගුවන් අනතුරින් හානියට පත් වෛද්‍ය සිසු නේවාසික ගොඩනැගිලි වල සිට මිය ගිය වෛද්‍ය සිසුන් ඇතුලු සමස්ත ජීවිත හානි සම්බන්ධයෙන්ද තමන් මහත් සේ කන්ගාටු වන බවයි ජනාදිපතිවරයා එහිදී වැඩි දුරටත් දක්වා ඇත්තේ.