ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊශ්‍රායල නිල සංචාරයක් සිදු කිරීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙරට අතර වේගයෙන් ව්‍යාප්ත වන උපාය මාර්ගික හවුල්කාරිත්වයට නව ජීවයක් ලබා දීමේ අරමුනින් මෙම සංචාරය සිදු වන බවයි.
ඉන්දීය අගමැතිවරයා එළඹෙන පෙබරවාරි මාසයේදී ඊශ්‍රායලයට යාමට නියමිතව තිබෙනවා.
ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රූවන් අසාර් මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.
කෙසේ නමුත් මෙම සංචාරය අපේක්ෂා ක්‍රන පරිදි සිදුවුවහොත් තාක්ෂණය, ආරක්ෂාව, වෙළඳාම සහ නවෝත්පාදනය පිළිබඳ ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර වර්ධනය වන සහයෝගීතාව ස්ථාවර වනු ඇති.
එමෙන්ම , බටහිර ආසියාවේ දැඩි භූ දේශපාලනික කැළඹීම් පවතින අවස්ථාවක මෙම සංචාරය සිදුකිරීම විශේෂත්වයක් බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළා.













