සටන් විරාම එකඟතාවය කඩ කළ බවට ඉන්දියාව හා පාකිස්තානය එකිනෙකාට චෝදනා කරනවා.
ඉන්දියාව හා පාකිස්තානය ගැටුම් අත්හිටුවා සටන් විරාමයකට එළඹීමට එකඟතාවය පළ කළ බව ඊයේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා.
තිරසාර සාමයක් ඇති කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූ බවයි ඔහු සඳහන් කළේ.
කෙසේ වුවද එවන් පසුබිමක් තුළ ඉන්දියා පාලනයේ පවතින කාශ්මීර ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වූ බවයි ඉන්දීය විදේශ ලේකම්වරයා සඳහන් කළේ.
එමෙන්ම ඉන්දියාව ද ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමට කටයුතු කර ඇති බවට පාකිස්තාන විදේශ අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කර තිබෙනවා.