තලෙයිමන්නාරම සහ ඉන්දියාවේ රාමේෂ්වරම් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවයක් ආරම්භ කිරීමට අවධානය යොමු ව තිබෙනවා.
තමිල්නාඩු ධීවර කටයුතු මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ මෙමගින් පැයක් තුළ ගමනාන්තය වෙත ළගාවීමට සැලසුම් කර ඇති බවයි.
කන්කසන්තුරේ සහ නාගපට්නම් අතර දැනටමත් බෝට්ටු සේවයක් ක්‍රියාත්මක වනවා.
එහෙත් පවතින අයහපත් කාලගුණය හමුවේ මෙය මේ වන විට තාවකාලිකව නවතා දමා ඇති අතර එම බෝට්ටු සේවය ලබන මස පළමු වැනිදා සිට යළි ආරම්භ කරනු ඇති.