ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක සත්කාරකත්වය දැරීමට කැමැත්ත පල කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වනවා.
මෙම යෝජනාව ඉන්දය කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය අවලංගු කිරීමට තීරණය කළ පසුබිමකයි ඉදිරිපත් වී ඇත්තේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් නිල වශයෙන් මේ සදහා ප්‍රතිචාර දක්වා නැහැ.
කෙසේ වෙතත් තරඟාවලිය පැවැත්වීමට හැකි වුවහොත්, දැනට ආකෘති තුනෙන් දෙකක් ක්‍රීඩා නොකරන රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි ලබන මාසයේදී නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී දැක ගැනීමේ අවස්ථාවද ප්‍රේක්ෂකයින්ට උදා වනු ඇති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එක්දින තරඟ තුනක් සහ T20I තරඟ තුනක් අගෝස්තු මාසයේදී ක්‍රීඩා කිරීම සඳහා යෝජනා කර ඇති බව සදහන්.
එය ඉන්දියාව බංග්ලාදේශයේදී ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ තරඟ සංඛ්‍යාවට සමාන වනවා.