ඉන්දියාව සහ නවසීලන්තය නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා අත්සන් තබා තිබෙනවා.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබුණේ, නවසීලන්තය සමග ඇති කර ගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ද්විපාර්ශ්වික ආර්ථික සම්බන්ධතාවය සැලකිය යුතු ලෙස ශක්තිමත් කරන බවයි .
එමෙන්ම එය තුලින් වෙළෙඳපළ ප්‍රවේශය වැඩි දියුණු කරන බව ද ඉන්දියාව පැවසුවා.
එමගින් දෙරට අතර ආයෝජන ප්‍රවාහ ප්‍රවර්ධනය කරන බව ද ඉන්දියාව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණා.
තවද අගමැති නරේන්ද්‍ර මෝදි සහ නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් ඊයේ දෙරට අතර ”ඓතිහාසික” නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන බව නිවේදනය කර තිබුණා.
අගමැතිවරුන් දෙදෙනා දුරකථන සංවාදයක් පවත්වා තිබූ අතර, ඉන් පසුව නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ නිවේදනය නිකුත් කරනු ලැබුවා.













