පිප්‍රාහ්වා පූජනීය බෞද්ධ කෞතුක වස්තු වෙන්දේසි කිරීම නැවැත්වීමට ඉන්දීය රජය නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව එම කෞතුක වස්තූන් වහාම ආපසු ලබා දෙන ලෙසයි ඉන්දීය රජය වෙන්දේසිකරුවන්ගෙන් නිල වශයෙන් ඉල්ලීමක් කර ඇත්තේ.
නවදිල්ලියේ සංස්කෘතික අමාත්‍යාංශය පවසන්නේ, පැවැත්වීමට නියමිත හොංකොං හි පිප්‍රාහ්වා මැණික් වෙන්දේසිය ඉන්දියානු සහ ජාත්‍යන්තර නීති මෙන්ම එක්සත් ජාතීන්ගේ සම්මුතීන් උල්ලංඝනය කරන බවයි.
එබැවින් සංරක්‍ෂණය සහ ආගමික වන්දනාව සඳහා එම පූජනීය වස්තු ඉන්දියාවට ආපසු භාර දෙන ලෙස ඉන්දියාව තරයේ පවසා තිබෙනවා.