නව ලෝක වාර්තාවක් තබමින් දීපාවලි උත්සවය වෙනුවෙන් උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අයෝද්‍යා විහාරස්ථානයේ දීපාවලි පහන් මිලියන 2.6ක් දැල්වීමට කටයුතු කර තිබෙනවා.
දීපාවලි දිනය සමරමිනුයි දහස් ගණනක් වු ජනතාව සාර්යු ගං ඉවුරට පැමිණ දීපාවලි ලාම්පු දල්වා ඇත්තේ.
මේ ආකාරයෙන්ම පසුගිය වසරේ ද ප්‍රදර්ශනයක් පැවති අතර එහිදී ද විශාලතම තෙල් ලාම්පු මිලියන දෙක ඉක්මවු නව ලෝක ගිනෙස් වාර්තාවක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.
විෂ්නු දෙවිදුන් නරගාසුරන් නැමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමිනුයි ඉන්දියාවේ හින්දු බැතිමතුන් මෙලෙස දීපාවලි උත්සවය වෙනුවෙන් ලාම්පු දල්වා ඇත්තේ.