ඉන්දියාවේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අද දිනයේදී කුඩා ළමුන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ජම්මු හා කාශ්මීරයේ කතුවා නම් දිස්ත්‍රික්කයේ ඊයේ සහ අද දිනයේදී මෙම ආපදාව සිදුව ඇති අතර වලාකුළු පිපිරීම් හේතුවෙන් ඇති වූ අධික වර්ශාවත් සමග සිදුවූ නායයාම් හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම ආපදාවෙන් පුද්ගලයින් පස් දෙනෙකුද තුවාල ලබා තිබෙනවා.
එරට කාලගුණ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දිස්ත්‍රික්කය පුරා අධික වර්ෂාපතනයක් ඇදහැලීමෙන් සිදුවිය හැකි ආපදාවන්වලින් ආරක්ෂා වන ලෙසයි