ඉන්දියාවේ ජාර්කන්ඩ් හිදී බස් රථයක් ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය සදහන් කළේ මොහාන්පූර් පොලිස් ස්ථාන සීමාව තුළ ඇති ජමුනියා වනාන්තරය අසලදී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරිත් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර ඇතැම් පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ බවයි සදහන් වන්නේ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ වන විට වැඩිදුර විමර්ශන සිදු කරන බවයි ඉන්දීය පොලිසිය සදහන් කළේ.