ඉන්දියාවේ ජාර්කන්ඩ් හිදී බස් රථයක් ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනතුරින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවේ මොහාන්පූර් පොලිස් ස්ථාන සීමාව තුළ ජමුනියා වනාන්තරය අසලදී මෙම අනතුර සිදුව තිබෙන බව සඳහන් වනවා.
අනතුරිත් තවත් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් ඇතැම් අයගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ආසන්නයේ පිහිටි රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අනතුරට පත් වූ බස් රථයේ සිට ඇත්තේ ජල පූජාවක් වෙනුවෙන් ගමන් කළ බැතිමතුන් 35දෙනෙක් බවයි සනදහං වන්නේ.