ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ සිදු වූ පිරිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 09 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පොලිස් ස්ථානය තුල ගබඩාකර තිබූ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂාකිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම අවස්ථාවේ විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් එක වර පුපුරා ගොස් තිබෙනවා.
පුපුරුම හේතුවෙන් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කෙසේ නමුත් තුවාල ලැබූවන්ගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
මියගිය අය අතරට පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය කණ්ඩායම් නිලධාරීන් ද ඇතුලත්. පසුගියදා නවදිල්ලි නුවර සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලබුවා.
ඔවුන්ගෙන් දෙදෙනෙකු කාෂ්මීරයේ පදිංචිකරුවන් වූ වෛද්‍යවරුන් වන අතර ඔවුන් සම්බන්ධ විමර්ශන සිදුකර තිබුනේ නව්ගම් පොලිස් ස්ථානය යටතේයි.
එහිදී ඔවුන්ට දැවැන්ත පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමටද හැකි වූ අතර, එම තොගය පරීක්ෂාකිරීමට යාමේදී මෙලෙස පුපුරාගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් සදහන් කළේ.













