ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයට අධික වර්ෂාපතනය සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් නිකුත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උත්තරාකන්ද් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අධික වර්ෂාපතනය හේතුවෙන් දැඩි බලපෑම් එල්ලවිය හැකි බවයි ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
ඒ සම්බන්ධයෙන් සියලු පරිපාලන අංශයන්ට අවදානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා.
සාමාන්‍ය වැසි තත්ත්වයන් අධික වැසි තත්වයන් දක්වා අද දිනය තුළදී වර්ධනය විය හැකි බවද කාලගුණ අංශ පවසනවා.
එමෙන්ම සුළගේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයක් ගනු ඇති බවට අනාවැකි පළවනවා.