ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදුවූ ප්‍රබල පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන තිබෙනවා .
එරට මාධ්‍ය වාර්තා කරන්නේ මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස සැකකරන පුද්ගලයා වෛද්‍ය උමාර් මොහොමඩ් නම් අයෙකු බවයි.
අදාළ සැකකරුගේ ඡායාරූපයද මේ වන විට අනාවරණය වී තිබෙනවා.
ඔහු ජම්මු – කාශ්මීරයේ පුල්වාමා හි අල් ෆලා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කලේ.
මෙම ප්‍රහාරය සිදු වීමට පෙර ත්‍රස්ත ප්‍රහාරයක් සිදු වන බවට ලැබුනු තොරතුරු මත ජම්මු – කාශ්මීරයේ සහ හර්යානා පොලිස් කණ්ඩායම් විසින් ඊයේ ත්‍රස්ත කණ්ඩායමක සගයන් වූ වෛද්‍යවරුන් දෙදෙනෙකු වන වෛද්‍ය ආදිල් අහමඩ් රාදර් සහ වෛද්‍ය මුජමිල් ෂකීල් අත්අඩංගුවට ගනු ලැබුවා.
ජයිෂ් ඊ මොහොමද් නම් ත්‍රස්තවාදී කල්ලියට සහාය පළකරන පෝස්ටර් ප්‍රචාරය කිරීමේ චෝදනා යටතේයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව නවදිල්ලි අගනුවරට කිලෝ මීටර් 50ක් පමණක් දුරින් පිහිටි හර්යානා හි ෆරීදාබාද් නගරයේ නිවසක තිබී පුපුරන ද්‍රව්‍ය කිලෝ 3 000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමටද එරට පොලිසිය සමත් වුණා .













