ඉන්දියාවේ දිල්ලි අගනුවරට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් මෙහෙයුම්වලට බාධා සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දිල්ලි අගනුවරට ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇතිවීම හේතුවෙන් දිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ මෙහෙයුම් කටයුතුවලට දැඩි බලපෑම් සිදුවුණා.
ඒ හේතුවෙන් ගුවන් ගමන් රැසක් ප්‍රමාධ වී ඇති බවයි වාර්තා වන්නේ.
නගරයේ මාර්ගවලට ගස් කඩා වැටී ඇති අතර මාර්ග රැසක් ජලයෙන් යටව ඇති බව එරට මාධ්‍ය වර්තා කළා.
මේ හේතුවෙන් ගමනාගමන කටයුතුවලටද බාධා සිදුව තිබෙනවා.
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිල්ලිය සහ අවට ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත කුණාටු තත්ත්වයක් ඇතිවන බවට රතු නිවේදන නිකුත් කළ බවයි.