දේශසීමා හරහා ත්‍රස්ත ප්‍රහාර දිගටම පැවතුණහොත් පාකිස්ථානය එහි ප්‍රතිවිපාකවලට මුහුණ දිය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ, සිය නෙදර්ලන්ත නිල සංචාරය අතරතුරදීයි.
නෙදර්ලන්ත පුවත් සේවයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය ජයිශංකර් මහතා මේ බව පැවසුවේ, අප්‍රේල් 22 ජම්මු සහ කාශ්මීරයේ පෙහෙල්ගාම් හි ප්‍රහාරය ගැන සඳහන් කරමින්.