ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙටි්‍රක් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පවසනවා.
ඒ අනුව හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ලුණු වෙළඳපොළෙන් මිලදී ගත හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.
ජාතික ලුණු සමාගම මඟින් ඇණවුම් කළ ලුණු තොගයෙන් කොටසක් ලංකා ලුණු සමාගම මිලදී ගෙන ඒවා වෙළඳපොළෙට නිකුත් කිරීමට ද ඔවුන් පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම ලංකා ලුණු සමාගමද මෙටි්‍රක් ටොන් 10,000 ක් මේ වන විට ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බවද ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර ඊයේ දිනයේදී ලංකා ලුණු සමාගම විසින් මේස ලුණු ග්‍රෑම් 400 ප්‍රමාණයේ පැකට් ලක්ෂයක් ලංකා සතොස ආයතනවලට නිකුත් කරනු ලැබුවා.
එමෙන්ම අද දිනයේදී ද ලුණු පැකට් ලක්ෂයක් ලංකා සතොස අලෙවිසැල්වලට නිකුත් කරන බවයි ඒ මහතා සදහන් කළේ.