දැනට රට තුළ පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස රජය විසින් ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මෙටි්‍රක් ටොන් 20,000 න් , මෙටි්‍රක් ටොන් 3050 ක් අද රාත්‍රියේ දිවයිනට ගෙන්වීමට නියමිතයි.
මෙම ලුණු තොගය මෙරටට පැමිණෙන්නේ දින එකහමාරක පමණ ප්‍රමාදයකින් පසුවයි.
නැව් ප්‍රමාදය සහ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය ඊට හේතු වූ බවයි ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල මහතා සදහන් කළේ.
මෙම ලුණු තොගය පැමිණීමත් සමඟ ලුණු හිඟය අවසන් වනු ඇති බවත් තවත් සතියකින් පමණ ලුණු මිල සියයට 50 කින් පමණ පහළ යනු ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.