ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා අගමැති නරේන්ද්‍ර මෝදිට ට්‍රම්ප් පරිපාලනයේ පූර්ණ සහයෝගය ලැබී ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ප්‍රකාශිකාව පවසා ඇත්තේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඔවුන් ඉන්දීය රජය සමඟ නිරන්තර සන්නිවේදනයේ යෙදී සිටින බවයි.
එමෙන්ම අමෙරිකාව තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද ඇය ප්‍රකාශ කලා.
මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සමග දුරකථන සංවාදයකද නිරතවෙමින් මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
එහිදී ද පවසා ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහිව අමෙරිකාව ඉන්දියාව සමග ශක්තිමත්ව සිටින බවයි.