ඉන්දියාවට නවීන ප්‍රහාරක ජෙට් යානා අලෙවි කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වී තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරයේදී මෙම එකඟතාවලට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මෙම හමුවේදී ද්විපාර්ශවීය වෙළඳ ගනුදෙනු තවදුරටත් ශක්තිමත් කිරීමට ද එකඟතාවය පළ කර තිබෙනවා.
එමෙන්ම තම රජය ත්-35 ජෙට් යානා ඉන්දියාවට විකිණීමට සූදානම් බව ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේ.