ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සංතෝෂ් ජා මහියංගනය ප්‍රදේශයට අද(12) ගොස් තිබෙනවා.
ඒ ඉන්දියානු රජයෙන් ලබාදී ඇති ජංගම රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවකට බවටයි වාර්තා වන්නේ.
අදාළ ජංගම රෝහල ගංවතුරින් හානියට පත් මහියංගනය රෝහල යථා තත්ත්වයට පත්වනතුරුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ වන විට මහියංගන රෝහලේ ප්‍රතිකාර කටයුතු ආරම්භ කර ඇති බැවින් මෙම ජංගම රෝහලේ කටයුතු අද(12) පස්වරුවෙන් අවසන් කර තිබෙනවා.
මෙම අවස්ථාවට ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් වී.එස්. සරන්යා, ඌව පලාත් ආණ්ඩුකාරවරයා සහ මහියංගනය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරියද එක්ව තිබෙනවා.













