ඉන්දියානු ජාතිකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක රියදුරුවරයාට අද(06) දින පස්වරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව නානුඔය පොලිසිය පවසනවා.
කොළඹ සිට නුවරඑළිය දක්වා ඉන්දියානු ජාතිකයන් සිව්දෙනෙක් ප්‍රවාහනය කරමින් සිටියදී නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී ඉන්දියානුවන් පිරිස ඡායාරූප ගනිමින් සිටි තිබෙනවා.
එම අවස්ථාවේදී මාර්ගය අසල මාර ගසක බැද තිබූ බඹර කූඩුවක් පවතින දැඩි සුළඟත් සමගින් ඇවිස්සී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ඉන්දියානුවන් පිරිස වෑන් රථයට නංවා වැන් රථය තුළට රියදුරා නඟින අවස්ථාවේ බඹරුන් රියදුරාට පහරදී ඇති බවයි නානුඔය පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බ්නධයෙන් සැල වූ වහාම නානුඔය පොලිසියේ නිලදාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී බඹර ප්‍රහාරයට ලක්වූ රියදුරාගේ තත්ත්වය බරපතල නොවන නිසා සහ රියදුරා නුවරඑළියට ගොස් ප්‍රතිකාර ගන්නා බවට පොලිසිය හමුවේ ප්‍රකාශ කිරීම නිසා එම ඉන්දියානුවන් පිරිස සමගින් එම වෑන් රථයේම නුවරඑළිය දක්වාම පියටත් කර යැවීමට නානුඔය පොලිසිය පියවර ගෙන තිබෙනවා.