කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 8යි ග්‍රෑම් 220ක් සමග ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගත් බවයි රේගුව සඳහන් කළේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ ඔවුන් කළ වැටලීමකට අනුවයි.
එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 4යි ග්‍රෑම් 112ක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු ළග තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 4යි ග්‍රෑම් 108ක් සොයාගෙන තිබෙනවා.














