වර්ථමාන ආර්ථික අභියෝග හමුවේ රට හැර යනවාද නැද්ද යන්න පිළිබද බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
තරගකාරි ආර්ථිකයක් කරා රට ගෙනයාමට නම් රටේ මානව සම්පත ඒ සදහා පෙළගැස්විය යුතු බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.
ඉදිරි වසර පහ තුළ ලෝකයේ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ සංවර්ධිත රටවල් ද ඉදිරියේදී ආර්ථික අභියෝගවලට ලක්විය හැකි බවයි.