ඉදිරි පැය 36ක කාලය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ අනාවැකිය නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයට අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් පනහට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.
එසේම උතුරු මැද පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක 60ක පමණ තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.