උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සදහන් කළා.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සදහන්.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර වර්ෂාපතනයේ යම් අඩුවීමක් නිරීක්ෂණය වීමත් සමග මහනුවර දිස්ත්‍රික්කය සදහා නිකුත් කර තිබූ නායයාම් රතු නිවේදනයේ යම් අඩු කිරීමක් සිදු කල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ හසලි හේමසිංහ මහත්මිය පවසනවා.













