ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල අද පස්වරු එකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව සඳහන්. මේ අතර දකුණු පළාතේ විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක පමණ තරමක තද සුළංද ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.