ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු දෙනාට අවස්ථාවක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා
අග්‍රාමාත්‍යවරිය සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර ඊයේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා
ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශක සේවයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු රාශියක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළා
මෙම සේවාවන්හි උසස්වීම්, වැටුප් විෂමතා, වෘත්තීය ගැටලු, ගුරු විදුහල්පති සේවයේ ස්ථාන මාරුවීම් නිසි පරිදි සිදු කිරීම (ජාතික හා පලාත්), පාසල් වලට සිසුන් ඇතුලත් කිරීම හා මුදල් එකතු කිරීම, ජාතික පාසල් වල විදුහල්පති පුරප්පාඩු වලට බඳවා ගැනීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් හා පිරිවෙන් පද්ධතියේ පවතින ගැටලු සහගත තත්වයන් විසඳාගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වු බවටයි තොරතුරු වාර්තා වන්නේ