මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු මැතිවරණයෙන් පසු ඉටු නොවන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඡන්දදායකයාට අයිතියක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පවසා සිටියේ, මේ සඳහා මැතිවරණ නීතිද යම් ආකාරයකට වෙනස් විය යුතු බවයි.
කෙසේ නමුත් මෙරට මැතිවරණ ක්‍රමවේදය තුළ ඡන්දය නැවත කැඳවීමේ ක්‍රමවේදයක් නොැමැති බවත්, ඒවා ප්‍රතිසංස්කරණය විය යුතු බවත් ඒ මහතා පැවසුවා.