වසර හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ පවතින රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, දෙරටේ ජනාධිපතිවරුන් අතර හමුවක් පැවැත්වීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්ව තිබෙනවා.
ඒ අනුව, අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවරදී මෙම ඓතිහාසික සාකච්ඡා ආරම්භ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ස්විට්සර්ලන්තයේ දාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුළුව අතරතුර යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.
අමෙරිකානු සාම නියෝජිතයින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමු වී මේ පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇති අතර යුක්‍රේන සහ රුසියානු හමුදා ප්‍රධානීන් අතර ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
මෙම අබුඩාබි සාකච්ඡා වටය ලෝක සාමය උදෙසා තැබූ දැවැන්තම පියවරක් ලෙසයි විදෙස් විචාරකයින් හඳුන්වා දෙන්නේ.











