උතුරු ඇෆ්ගනිස්තානයෙහි අන්තර්ජාල භාවිතය තහනම් කර තිබෙනවා.
ඒ එරට පාලක තලෙයිබාන් සංවිධානය විසින්.
තලෙයිබාන් සංවිධානය පවසන්නේ අනාචාර ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා උතුරු ඇෆ්ගනිස්තානයේ අන්තර්ජාල භාවිතය තහනම් කළ බවයි .
අන්තර්ජාලය හරහා පිරිමින් සහ ගැහැණුන් අතර කාමුක දර්ශන හා ආලවන්ත හැඟීම් පළ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බව ද තලෙයිබාන් සංවිධානය සදහන් කළා.
තලෙයිබාන් සංවිධානය 2021 වසරේ දී ඇෆ්ගනිස්තානය අත්පත් කර ගැනීමෙන් අනතුරුව පළමුවරටයි අන්තර්ජාල තහනම් කිරීමට මෙලෙස තීරණය කර ඇත්තේ.
ගැහැණු ළමුන් උසස් අධ්‍යාපනය ලැබීම හා විවිධ ක්ෂේත්‍රවල රැකියා කිරීම නැවැත්වීම ආදිය මේ වන විටත් ඔවුන්ගේ පාලනය විසින් සිදුකර තිබෙනවා.
කාන්තාවන්ට මුහුණු ආවරණ පැළඳීම හා පිරිමින් රැවුල වැවීම අනිවාර්ය කිරීම ද මේ වන විට ඇෆ්ඝනිස්තානය තුල ක්‍රියාත්මකයි .
එමෙන්ම රියදුරන්ට සංගීත වාදනය තහනම් කිරීම දක්වා වූ නීති මාලාවක්ද තලෙයිබාන් සංවිධානය විසින් පසුගිය වසරේ සිට එරට තුල ක්‍රියාත්මක කර තිබෙනවා.