පසුගිය ඉරිදා රාත්‍රියේ නැඟෙනහිර ඇෆ්ගනිස්තානයේ සිදු වූ භූමිකම්පාව හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව මේ වනවිට 1 100ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් 3000කට ආසන්න සංඛ්‍යාවක් ඉන් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ .
රිච්ටර් මාපකයේ 6ක් වශයෙන් සඳහන් වූ අදාළ භූමිකම්පාව හේතුවෙන් ඇෆ්ගනිසතානයේ කුනාර් පළාතේ පිහිටා තිබූ ගම්මාන ගණනාවකටම දැඩි බලපෑම් එල්ල වී තිබුණා.
අදාළ භූමිකම්පාව දුෂ්කර කඳුකර ප්‍රදේශයක හටගැනීම නිසා එම ප්‍රදේශයට පිවිසෙන මාර්ග සම්පූර්ණයෙන් අවහිර වී තිබෙන අතර ඉන් විපතට පත්වූවන් මුදා ගැනීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා .